(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇපල් මාදිලියේ අගල් 15 Mac Book Pro උපාංගය ගුවන් ගමන් සදහා රැගෙන යාමට අවසර නොදෙන බවට නිවේදනය කර තිබේ.
එම සමාගම ප්‍රකාශ කර සිටින්නේ ඇපල් සමාගම ඉතා සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අඟල් 15 Mac Book Pro ඒකකයේ බැටරිය අධික ලෙස රත් වී ගිනි ගැනීමේ අවදානමක් මතු ව ඇති බව එම සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි
එමෙන්ම ගුවන්තොටුපළ පරීක්ෂා කිරීමේ කටයුතුවලදී මෙම උපංගය සම්බන්ධයෙන් තොරතුරු විමසන අවස්ථාවේ දී බැටරිය නැවත ප්‍රතිස්ථාපනය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහන් කළේ.
මගීන් විසින් රැගෙන එනු ලබන Mac Book Pro උපාංගයේ ආරක්ෂිත බව තහවුරු කිරීමට නොහැකි වන්නේ නම් එය ගුවන් ගමන සඳහා රැගෙන යාමට ඉඩ ලබා නොදෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසන් නිකුත් කර ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.








