FAST NEWS

24×7 Around the Globe

පාන් මිලේ වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(12) මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් රුපියල් දෙකකින් ඉහළ දැමූ ග්‍රෑම් 450 පාන් ගෙඩියක් පැවති මිලටම අලෙවි කිරීමට තීරණය කර ඇත.

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 යි ශත 50 කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ පසුගිය 06 වැනිදා පාන් ගෙඩියක මිල රුපියල් දෙකකින් ඉහළ දැමීමට තීරණය කළේය.

මේ වනවිට තිරිඟු පිටි පැවති මිලටම අලෙවි කිරීමට සමාගම් එකඟවීම නිසා පාන් ගෙඩියක් සඳහා වැඩිකළ රුපියල් දෙකක මුදල අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.