(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිරිසිදු පානීය ජලය ලබාගැනීම වෙනුවෙන් වැලිවේරිය – රතුපස්වලදී විරෝධතාවයේ යෙදුණු ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න කියා සිටියේ නීතිපතිවරයා විසින් අද මෙම අධිචෝදනා ගොනුකළ බවයි.
නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම සිද්ධියට අදාළව මීට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලයක් පත් කරනු ලැබීය.
2013 වසරේ රතුපස්වල ප්‍රදේශයේ පානීය ජලය ආරක්ෂා කර ගැනීම සඳහා උද්ඝෝෂණය කළ ජනතාව වෙත වෙඩි ප්‍රහාර එල්ල කොට මිනිස් ඝාතන හා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා මෙසේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරිපත් කර ඇත.








