(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී, දෙහිදෙනිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ බහුතර තීන්දුවට අනුවයි.
ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ චෝදනා පෙළ ගැස්මට එරෙහිවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවේ.
ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයට රුපියල් මිලියන 33 කට වැඩි මුදලක් පාඩු කල බවට ගෝඨාභය රාජපක්ෂ ඇතුලු සත් දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු විභාගය ලබන ඔක්තෝබර් 15 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.








