(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙන්නප්පුව ප්රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රිනි දුලක්ෂි ප්රනාන්දු සහ ඇයගේ සහෝදරිය ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය මස 19 වනදා වෙන්නප්පුව, සීනෝර් ප්රදේශයේදී රියදුරු බලපත්රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ මන්ත්රීවරියගේ සහෝදරිය පොලිසිය විසින් රඳවා ගත් අවස්ථාවේදී මන්ත්රීවරිය සිය පවුලේ සාමාජිකයින් සමඟ එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණි.
සිද්ධිය පිළිබද අධිකරණයට වාර්තා කිරිමෙන් පසුව මන්ත්රීවරිය, ඇයගේ සහෝදරියන් දෙදෙනෙකු සහ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පොලිස් නිළධාරියෙකුගේ ජංගම දුරකතනයෙන් පටිගත කර ඇති අතර අදාල විඩියෝ පටයක් ද සමඟිනි.








