(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය සහිත පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනපති සදහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) තුල්හිරිය මාර්ස් ඇතිනා ශාලාවේ දී ආරම්භ වූ නිවර්තන ජීව විද්‍යාව සහ සංරක්ෂණය පිළිබඳ සංවිධානයේ ආසියා – ශාන්තිකර සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.
ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනාධිපතිතුමා පවසයි.
තිරසර මානව හා සාමාජීය පැවැත්මක් තහවුරු කිරීම උදෙසා මිනිසා හා පරිසරය මනා තුල්‍යතාවයකින් යුතුව පවත්වා ගැනීම අතිශය වැදගත් කාලීන අවශ්‍යතාවයක් බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විටත් ලෝකයේ නිවර්තන කලාපීය රටවල ජෛව විවිධත්වය පිළිබඳ ප්‍රබල කථිකාවක් ගොඩනැගී ඇති බවයි. එබැවින් ආසියා -ශාන්තිකර කලාපයේ නිවර්තන ජෛව සංරක්ෂණය උදෙසා වූ දෙස් විදෙස් විද්‍යාර්ථින් සහභාගීවන මෙම සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවතීම අප රට ලැබූ මහඟු ජයග්‍රහණයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා එය ලාංකීය විද්වත් ප්‍රජාව ලද වටිනා අවස්ථාවක් බව ද කියා සිටියේය.








