(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(11) දිනයේ සිට දිනපතා එස් 14 වර්ගයේ අති සුඛෝපබෝගී දුම්රියක් පොලොන්නරුව බලා ධාවනය කෙරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන අතර එහි මංගල ගමන් වාරය සඳහා ජනාධිපතිවරයා එක්වන බවත් අද පස්වරු 03.05ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොලොන්නරුව බලා ධාවනය කිරිමට සැලසුම් කර ඇති බව එම වාර්තා වල වැඩි දුරටත් සඳහන් වේ.
“පුලතිසි” ලෙස නම් කර ඇති එම දුම්රිය අද රාත්රී 07.47ට පොලොන්නරුව දුම්රිය ස්ථානයට ලඟාවිමට නියමිතයි.
දුම්රිය හෙට(12) පස්වරු 03.45ට යලි පොලොන්නරුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරන අතර එය රාත්රී 09.06ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවෙනු ඇත.
මෙම නව සීඝ්රගාමී දුම්රිය පොල්ගහවෙල, කුරුණැගල, මහව, කැකිරාව, හබරණ, සහ හිගුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නැවත්වීමට නියමිත වේ.








