(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (10) පස්වරුවේ මීගහකිවුල පිටමාරුව ප්රදේශයට මෙන්ම බිබිල මොණරාගල මාර්ගයේ 17 කණුව සහ අමුණේකදුර අවට ප්රදේශවලට අයිස්කැට වර්ෂාවක් පතිත වී තිබෙන අතර , මෙම වර්ෂාව පැය භාගයක පමණ කාලයක් පැවති බව ප්රදේශවාසීන් කියා සිටියේය.
මේ හේතුවෙන් එම ප්රදේශයේ රබර් ගස්වල කොළ කැඩී බිම ඇදවැටීමෙන් රබර් ගස් වලට දැඩි හානියක් සිදුවූ බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.












