(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැවැත්වෙන කෝප් කමිටුව හමුවේ කරුණු දැක්වීමට තමන්ටද අවස්ථාවක් දෙන්නැයි ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල කෝප් කමිටුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා
තිලංග සුමතිපාල මන්ත්‍රිවරයා යැවූ එම ලිපියේ දැක්වෙන්නේ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ තමන්ගේ නම එම කරුණු විමසීමේදී ඉදිරිපත් වූ බැවින් ඉදිරියේදී ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ටද අවස්ථාවක් දෙන ලෙසයි.
ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විමසනු ලැබූ කරුණුවල සත්‍යතාව පෙන්වා දීමට එහිදී තමන්ට හැකියාව ලැබෙන බවද ඔහු සඳහන් කර තිබේ.








