(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘බ්ලුමැන්ඩල් සංඛ’ නැමැත්තා සැප්තැම්බර් මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඊයේ (09) රාත්‍රියේ ඉන්දියාවේ සිට පැමිණීමෙන් අනතුරුව නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු අධිකරණයට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා නියෝග කර තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන “බ්ලුමැන්ඩල් සංඛ” හෙවත් ඩී.සංඛ සහ තවත් ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියාවේ තමිල්නාඩුහි, තංගප්පා නගර් ප්‍රදේශයේදී එරට ආරක්ෂක විසින් පසුගිය මාර්තු මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
මනුෂ්‍ය ඝාතනයක් සිදුකොට පසුගිය දෙසැම්බරයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ සිටි බව ඉන්දීය ආරක්ෂක අංශ මඟින් අනාවරණය කර තිබුණි.








