FAST NEWS

24×7 Around the Globe

දඹදිව වන්දනාකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දඹදිව වන්දනා චාරකා යාමට සතියකට පෙර මැලේරියා රෝගය වැළැක්වීමේ ඖෂධ ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි. 

මැලේරියා පරපෝෂිතයා මෙරටින් තුරන් කර තිබුණ ද දඹදිව සහ අප්‍රිකානු සංචාර සඳහා ගොස් මෙරටට පැමිණෙන පිරිස් හරහා එම රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත්, මේ වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියාව වැළදුණු රෝගීන් 28 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඔවුන් සියළු දෙනාම විදේශගතව නැවත මෙරටට පැමිණි පුද්ගලයින් වීම විශේෂත්වයක් බවත් එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

සතියක කාලයකදී මැලේරියා රෝගීන් 05 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් සියළු දෙනාම දඹදිව වන්දනාවේ ගොස් නැවත පැමිණි පුද්ගලයින් බවයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ.