FAST NEWS

24×7 Around the Globe

වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදි කිරීම් අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වරාය නගරය අධිවේගී මාර්ග පද්ධතිය හා සම්බන්ධ කෙරෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගය අද (10) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. 

මෙම මාර්ගය මෙරට කුළුණු මත ඉදිවන පළමු අධිවේගී මාර්ගයයි.

කිලෝමීටර් 5 .9 ක දිගකින් යුත් නව අධිවේගී මාර්ගය ඉගුරුකඩේ මංසන්ධිය අසළින් කැළණි පාලමට සම්බන්ධ වන අතර , එතැන් සිට කුළුණු මතින් වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිතව ඇත.