FAST NEWS

24×7 Around the Globe

අවසන් තීන්දුවකට එළැඹෙන රනිල් සජිත් හමුව අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර තීරණාත්මක සාකච්ඡාව අද (10) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. 

මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් ස්ථාවරයකට පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.