FAST NEWS

24×7 Around the Globe

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අදින් නිමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තෙදිනක් පුරා යාපනය මුට්ට්‍රවේලි නගරයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන්වැනි ප්‍රදර්ශනය අදින් නිමාවට පත්වෙයි. 

සිව් වන දිනය වන අද සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම දින කීපයේදී රජයේ පොලී සහන ණය ලබා ගැනීම සදහා ලියාපදිංචි වූ සංඛ්‍යාව 2000 කට ආසන්න වන බවත් වාර්තා වේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ව්‍යවසායකත්ව කලාපය වෙත ජනතාවගේ ඉහල ප්‍රතිචාර හිමිවූ බවත් මුදල් අමාත්‍යාංශය සදහන් කළේය.