FAST NEWS

24×7 Around the Globe

වයඹ පළාතේ අමාත්‍යධුර සියල්ල වෙනස් වේ.

වයඹ පළාත් සභාවේ අමාත්‍යධුර හතරම වෙනස්කරමින් ඒ සඳහා නව අමාත්‍යවරු සිවුදෙනෙක් අද පෙරවරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

වසර 30ක කාලයක් පුරාවට වයඹ මහ අමාත්‍යවරයා යටතේ තිබූ අධ්‍යාපන අමාත්‍ය ධුරය මෙවර පුත්තලම දිස්ත්‍රික්කයේ සංස්කෘතික හා කලාකටයුතු, ක්‍රීඩා විශයබාර සන්ධ්‍යා කුමාර  රාජපක්ෂ මහතාට හිමිව තිබේ.

වයඹ හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය බී.බී. හේරත් මහතා එම අමාත්‍යධුරයෙන් ඉවත්කොට එම තනතුරට ලක්ෂ්මන් වෙඩරුව මහතා පත්කොට තිබේ.

වයඹ පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වීම නිසා ඔහු දැරූ අමාත්‍යධුරය ජූඩ් සුමල් තිසේරා මහතාට ලබා දී ඇත

ප්‍රධාන අමාත්‍යවරයා යටතේ තිබූ සමූපකාර විෂයටද වෙනත් අමාත්‍යවරයෙකුට පත්කොට තිබේ.