(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ පත්වීම්ලාභීන් 4000 කට වැඩි පිරිසකට පත්වීම් ප්රදානය කර ඇත්තේ බඳවා ගැනීමේ පටිපාටීන් උල්ලංගණය කරමින් බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ ඉහළ ඉසෙඩ් ලකුණු ලබා ගත් උසස් පෙළ සමත් සිසුන්ට මේ හේතුවෙන් අසාධාරණයක් සිදුව ඇති බවයි.
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් 4286 කට ගුරු පත්වීම් ප්රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (08) සිදුකරනු ලැබීය.
මේ අතර , ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන දස දහසක වියදමින් ඉදිකරන ලද පාසල් ගොඩනැගිලි 500 ක් එකම දිනකදී සිසු අයිතියට පැවරීම අද සිදුකිරීමට නියමිතය.








