(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටියේය.
ඒ මහපොළ භාරකාර මණ්ඩලයේ සිදුවු මූල්‍ය වංචාවකට අදාළව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.
අමාත්‍යවරයා අද පෙරවරුවේ කොමිසම හමුවට පැමිණි අතර එම විමර්ශනයට අදාල ලිපි ලේඛන ඉදිරිපත් කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් කොමිසම වෙතින් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලබන 17 වනදා අදාල ලේඛන ද සමඟ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාට මෙහිදී දැනුම් දී තිබේ.








