FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීම 30 වැනිදා ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස 30 වැනි දින ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

නාමයෝජනා නිවේදනය නිකුත් කළ දිනයේ සිට දින 16 ත් දින 21 ත් අතර කාලය තුළදී නාම යෝජනා සහ ඇප තැන්පත් මුදල් බාර ගැනීමට නියමිතව ඇත.

නාමයෝජනා බාර ගන්නා දිනයේ සිට සති හතරක් සති හයත් අතර කාලය තුළදී ඡන්ද විමසීම පැවැත්විය යුතු බව මැතිවරණ නීතියේ සඳහන්ය.