FAST NEWS

24×7 Around the Globe

ගාමිණී ජයවික්‍රම අද ජනපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද (09) වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා පෙනී සිටීමට නියමිතව ඇත. 

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැදවීම සිදුකර ඇති අතර , පසුගිය 13 වනදා ද ඔහුට මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබේ.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හෙට (10) දිනයේදී වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා ඇත.

ඒ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ එම අමාත්‍යංශය පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමේදී රජයට පාඩු සිදුකල බවට වන චෝදනාවකට අදාලවයි.