(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට පත් කිරීම අද(09) සිදුකෙරේ.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
“ළඟම පාසල හොඳම පාසල” යන තේමාව යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට පෙර මහනුවරදී පාසල් ගොඩනැඟිලි 250ක් සහ කුලියාපිටිය ප්‍රදේශයේ පාසල් ගොඩනැඟිලි 200ක් විවෘත කර තිබේ.








