FAST NEWS

24×7 Around the Globe

42 වන මානව හිමිකම් සමුළුව අද ජිනීවා නුවරදී ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සම්බධයෙන් වන වාර්තාව පිළිබඳව සලකා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 වන සැසි වාරය අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වේ.

මෙහිදී පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සිදුකරන ලද සංචාරයකින් අනතුරුව සකස් කල වාර්තාවක් සාකච්ඡාවට ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සිදුවූ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ මෙම වාර්තාවේ ඇතුලත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවල දැක්වේ.

මෙම සමුළුව ලබන 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.