(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් බිලියන දහසක ආදායම් බදු ඉලක්කයක් ළගා කරගැනීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා පවසයි.
මේ වසර සඳහා ලබාදී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 800 ක් වෙයි.
ඊට අතිරේකව රුපියල් බිලියන 200 ක ආදායම් බදු උපයාගැනීමට සැළසුම් කර ඇති බව නදුන් ගුරුගේ මහතා කියා සිටියි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ වෘත්තිකයන් සඳහා නව ආදායම් බදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකර ඇති බවයි.








