FAST NEWS

24×7 Around the Globe

මේ මස දක්වා ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි 

මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරිසරයෙන් ඉවත් කිරීමට ජනතාව සහය දිය යුතු බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ 2019 මේ මස දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 44,193 ක් බවයි

එයින් වැඩිම සංඛ්‍යාවක් පසුගිය අගෝස්තු මාසයෙන් වාර්තා වූ ඇති අතර, එම සංඛ්‍යාව 8982 ක්.