(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්විමට අදහස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ.
ඊයේ (06) එක්සත් ජාතිකපක්ෂ ජ්‍යේෂඨයින් සමඟ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කල බව මාධ්‍ය වාර්තා කළේය.
නමුත් මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට තමාට ද අයිතියක් ඇති බවයි.
තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයකගේ ද එකඟත්වය පල කර ඇති බවද මෙහිදී අග්‍රාමාත්‍යරයා සඳහන් කර ඇත.
ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමාගේ රැස්වීම් මාලාව හම්බන්තොටින් ආරම්භ කිරීමට සූදානම් බව එහිදී ප්‍රකාශ කර ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්විමේ තීරණය වෙනස් නොකරන බව ද ඔහු පවසා තිබේ.
කෙසේවෙතත්එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් එළඹෙන ඉරිදා(08) දිනයේ පැවැත්වෙන බවද වාර්තාවේ.








