FAST NEWS

24×7 Around the Globe

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට අදාළ ලේඛනවලට ජනපති අත්සන් තබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා වන ලිපි ලේඛනවලට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සහතික කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (06) අත්සන් තබා තිබේ. 

සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු එම ලිපි ලේඛන පිටු 21,000 කින් සමන්විත බවත් වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අදාළ ලේඛන කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිංගප්පූරු රජයේ බලධාරීන් වෙත යොමු කෙරෙනු ඇති බවයි.