FAST NEWS

24×7 Around the Globe

චන්ඩි මන්ත්‍රිනි යලිත් රක්ෂිත බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(06) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි ප්‍රනාන්දු, සහ ඇගේ වැඩිමහල් සහෝදරිය මේ මස 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

රියදුරු බලපත්‍රය සහ අනෙකුත් අවසර පත්‍ර නොමැතිව මන්ත්‍රීවරියගේ බාල සහෝදරිය අධික වේගයෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙන්නප්පුව – සීනෝර් මංසන්ධියේදී පසුගිය අගෝස්තු 18 වන දා රාත්‍රියේ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව එහි පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය, ඇයගේ පියා සහ වැඩිමහල් සහෝදරිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අතර, ඊට අදාළව පොලීසිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී.