FAST NEWS

24×7 Around the Globe

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් රාත්‍රියේදීත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් 10 ක් තුළ සිදුකෙරෙන ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම ලබන 15 වැනිදා සිට රාත්‍රී කාලයේදීත් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 

කොළඹ අක්ෂි රෝහල තුළ දෛනිකව සිදු කෙරෙන සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකරන ප්‍රමාණය ඉහළ යාම මීට හේතුවී තිබේ.

කොළඹ අක්ෂි රෝහලට අමතරව, මහනුවර, අනුරාධපුර, රත්නපුර, කන්තලේ, ත්‍රිකුණාමලය, කල්මුණේ උතුර, මඩකලපුව, වව්නියාව සහ නාවලපිටිය යන රෝහල් තුළ මෙය ක්‍රියාත්මකයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.