(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5.50 කින් වැඩි කරන ලෙස ප්‍රී‍්‍රමා සමාගම තමන්ට දැනුම් දුන් බව අලෙවි නියෝජිතයන් පවසයි.
කෙසේ වෙතත්, තම අවසරයකින් තොරව මිල වැඩි කිරීම පිළිබදව වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය සදහන් කරයි.
මේ අතර, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලිපියක් මගින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇත්තේ උපරිම මිලක් නියම කර ඇති තිරිඟු පිටි සඳහා මිල වැඩි කිරීමට කටයුතු කිරීම පාරිභෝගික කටයුතු අධිකාරී පනතට අනුව නීති විරෝධී බවයි.








