(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලු පිටිපස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා කරනු ලබයි.
පක්ෂ නායකත්වය හා නියෝජ්‍ය නායකත්වය ඒකරාශී වීම මගින් එක්සත් ජාතික පක්ෂයට ස්ථාවර ගමනක් යා හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා සහ අග්‍රාමාත්‍ය තුමන් මෙම ගැටළු වලට හසු නොවී ක්‍රියා කරනු ඇතැයි ඇය අපේක්ෂා කරන බවත් පැවසුවාය.
මීලඟ ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා බවට පත් වීමේ සූදානමකින් ක්‍රියා කරන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.








