FAST NEWS

24×7 Around the Globe

හදිසි ඖෂධ සදහා ඇමතුම් අංකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   පැය 24 ම ක්‍රියාත්මකවන පරිදි දිවයින පුරා හදිසි ඖෂධ සහ ජීවිතාරක්ෂක ඖෂධ අවශ්‍යතා යොමු කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වාදීමට කටයුතු කර ඇත. 

ඒ අනුව 076 647 4777 අංකය ඔස්සේ හදිසි ඖෂධ සහ ජීවිතාරක්ෂක ඖෂධ අවශ්‍යතා සපුරා ගතහැක.

මීට අමතරව දිවයින පුරා පිහිටි සෞඛ්‍ය සේවා සපයන ආයතන වෙත හදිසි ඖෂධ නිකුත් කිරීම් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම සදහා ද විශේෂ ඒකකයක් ස්ථාපනය කර තිබෙන අතර , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය රූමි මොහොමඞ් මහතා කියා සිටියේ මෙරටදී ලබා හැකි සියලු ඖෂධ ගුණාත්මක භාවයෙන් ඉහළෙ තත්ත්ව පරීක්ෂාවන්ගෙන් සමත් වූ ඖෂධ යැයි සහතික වන බවයි.