FAST NEWS

24×7 Around the Globe

මහේන්ද්‍රන් පිටුවහල් කිරීම පිළිබදව සිංගප්පූරුවේ අවධානය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම පිළිබඳ ඊට අදාළ තොරතුරු සහ ලියකියවිලි ලැබුණු පසු සලකා බලන බව සිංගප්පූරු රජය ප්‍රකාශ කර සිටින අතර , ද ස්ට්‍රේට් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ මෙම වසරේ ජනවාරි 18 වැනිදා සිට අදාළ තොරතුරු හා ලියකියවිලි ඉල්ලා ඇතත් මේ දක්වා ඒවා ලැබී නොමැති බවයි. 

අදාළ ලියකියවිලි ලැබුණු වහාම සිංගප්පූරු නීතියට අනුව මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම පිළිබඳව සලකා බලන බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන්කර ඇති බව ද වාර්තා වෙයි.

2015 වසරේ සිදුවූ බැඳුම්කර වංචාවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව චෝදනා එල්ල විය.