FAST NEWS

24×7 Around the Globe

2015න් පසු මන්ත්‍රීවරුන්ට නොලැබුණු මත්පැන් බලපත්‍රය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් සංචාරක මණ්ඩලයේ අනුමැතියලත් හෝටල්වලට 2015 වසරෙන් පසුව මත්පැන් බලපත්‍ර නිකුත් කළද වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට එම බලපත්‍රයක් නිකුත් කර නොමැති බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ සියළුම වර්ගයේ බලපත්‍රලාභී සුරාසැල් 4,910 ක් පවතින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.