FAST NEWS

24×7 Around the Globe

කංජිපානි ඉම්රාන් නැවතත් අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් ලබන 9 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද(05) නියෝග කළේය.

පොලීසිය මේ පිළිබදව අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 20 ක් සමග කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවකදී ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා වැටලීමට සම්බන්ධ පොලිස් කොස්තාපල් වරයෙකුට විදේශගතව සිට දුරකථනයෙන් බැන මරණීය තර්ජන එල්ල කර ඇති බවයි.