(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හදිසි අවශ්‍යතාවයන් සඳහා එක් දින සේවාව යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීම වැඩපිළිවෙළ පළාත් කාර්යාල වෙත පවරා දීමේ වැඩ සටහනේ පළමු අවස්ථාවට දකුණු පළාත් කාර්යාලය තුලින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(06) පස්වරු 3.00 ට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භූමියේදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දකුණු පළාත් හැඳුනුම්පත් කාර්යාලය හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ආරම්භ කිරීමට නියමිතව ඇත.
මෙම පළාත් කාර්යාලය මඟින් දකුණු පළාතේ මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පුරවැසියෙකුට එක් දින සේවාව යටතේ තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ හැකියාව පවතින අතර විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය කාර්යාල මේ වන විට වී පී එන් තාක්ෂණය ඔස්සේ ප්‍රධාන කාර්යාලය දත්ත පද්ධතිය සමග ජාලගතව සම්බන්ධ කර ඇත.








