(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට උදෑසන 10.30 ට අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන්ට කැඳවීමක් කර ඇත.
ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කරන පරිදි ඉදිරි පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපතිවරණය සහ ඉදිරියේදී ගොඩනැගෙන එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ සන්ධානයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.








