FAST NEWS

24×7 Around the Globe

දුමින්ද දිසානායක කල් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඊයේ(04) දිනයේ 2015/2018 කාල වකවානුවේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවට පැමිණි අතර, එහිදී ඔහුගේ නීතීඥවරිය ඉල්ලා සිටියේ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවීමට අවශ්‍ය බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙසටයි.

ඒ අනුව ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ මේ මස 10 වනදා පෙරවරු 9.30 ට යළි පෙනී සිටීමට නියමිතව ඇත.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල අධික මිලකට කුළී පදනම මත ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුකරනු ලබයි.