(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුගීබව තුරන් කර සාමය උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කැපවීම අද රටේ අවශ්‍යතාව බව ජනපති පවසයි.
බම්බලපිටිය ප්‍රදේශයේ මේ දිනවල පැවැත්වෙන බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට සුභාශිංසන පිරිනමමින් ජනාධීපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
දුගී බව තුරන් කර සාමය උදාකර ගැනීමට ජාති, ආගම් භේදයකින් තොර ව සියලුදෙනා එක් වීම අද රටේ අවශ්‍යතාව බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර දින 10ක් පුරා පැවැත්වෙන සමුළුවේ සිව්වන දිනය වන අද දින සමුළු ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාශිංසන පිරිනැමී ය.











