(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයක් සලකා බැලූ බස්නාහිර පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතාට නොතීසි නිකුත් කර ඇත.
ලබන 27 වනදා කරුණු දක්වන ලෙසටයි නොතීසි නිකුත් කර ඇත්තේ.
ශ්‍රීලනිපයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවිය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව මෙම අභියාචනය ගොනු කර තිබුණේය.
බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රියශාන්ත ඇතුළු දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.








