FAST NEWS

24×7 Around the Globe

කංජිපානිගෙන් අභියාචනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(04 ) පෙරවරුවේ පාතාල නායකයෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදී ඇති වසර 6 ක බරපතල වැඩ සහිත සිරදඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥයින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

කොළඹ මහාධිකරණය පසුගියදා ඔහුට මෙම සිරදඩුවම නියම කළේ ගංජා කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 300 ක් ළග තබා ගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරුවීම හේතුවෙනි.

මේ වනවිට කංජිපානි ඉම්රාන් බූස්ස බන්ධනාගාරයේ රදවා සිටියි.