FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය හැරගිය අයට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පස් දෙනෙකුට දින 07 ක් තුළ කරුණු දක්වන ලෙසට දැනුම්දුන් බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සදහන් කරයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම් ෆවුසි, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව මෙම ලිපි යොමුකළ බවයි.