FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල එජාප රැළියට විරෝධතාවයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට දිනයේ කුරුණෑගල පැවැත්වීමට නියමිත රැළිය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය තුළ යළි බෙදීමක් මතුව ඇති බව වාර්තාවේ.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය පළ කරමින් මෙම රැළිය සංවිධානය කර තිබේ.

කෙසේ වෙතත් කුරුණෑගල රැළිය නොපවත්වන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම්දීමක් සිදුකර ඇති බව පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල රැළිය නොපවත්වන ලෙසට පක්‍ෂයේ නායකයාගෙන් කිසිඳු දැනුම්දීමක් මෙතෙක් නොකළ බවත් ඒ අනුව කුරුණෑගල රැළියේ සංවිධාන කටයුතු ඉදිරියට සිදු කෙරෙන බවත් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප‍්‍රකාශ කළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන්නේ කුරුණෑගල රැළිය සංවිධාන නොකරන ලෙසට පක්‍ෂ නායකත්වය නිල වශයෙන් දැනුම්දී ඇති බවයි.