(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරක් පත් කෙරේ.
ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ 22 වැනි සභාපතිවරයා ලෙස නීතීඥ කණිෂ්ක රාජපක්ෂ අද සිය ධූරයේ වැඩ බාර ගත්තේය.
ඔහු මෙම ධුරයේ වැඩ බාර ගනිමින් පැවසුවේ ජාතික තරුණ සේවා සභාව තරුණයන් අතට පත්කරමින් නව අදහස් ලබා ගෙන වැඩ සටහන් රැසක් ඉදිරිපත් කරන බවයි.








