(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ සිට අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහන කිරීමට විරෝධය පල කරමින් අද දිනයේත් විරෝධතාවයක් පැවැත්විය.
අද (03) අලුයම පුත්තලම නගරයේදී මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය විසින්.
මෙම විරෝධතාවය සඳහා 500 කට ආසන්න පිරිසක් සහභාගීවී සිටි බව ද වාර්තා විය.
පුත්තලම කලපු තිරයේ රැඳී සිටිමින් අරුවක්කාලුවට කසල රැගෙන යන ටිපර් රථවලට හු හඬ තබමින් ඔවුන් විරෝධය පළ කර තිබෙන අතර , විරෝධතාවය හේතුවෙන් පුත්තලම කලපු තිරයට පොලිස්ථාන කිපයක නිලධාරින් කැඳවා තිබු අතර ඒ සමඟම කැරලි මර්දන පොලිස් කණ්ඩායම් පවා සිරුවෙන් තබා තිබුණි.








