FAST NEWS

24×7 Around the Globe

පොලීසියේ 42 කට ස්ථාන මාරුවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරුන් හතලිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 23 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පදිරි සේවයේ අවශ්‍යතාවය සලකා අදාළ ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි.

මීට අමතරව , 153 වන පොලිස් දින සංවත්සරය ද අදට යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් පළාත් මට්ටමින් පොලිස් ස්ථානවල විවිධ වැඩසටහන් සංවිධාන කිරීමටයි පියවර ගෙන ඇත්තේ.