(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය ජනවාරි මස ගාල්ල – රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 17 දෙනා ලබන දහසය වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ අද ඊට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී නියෝග කරනු ලැබීය.
සැකකරුවන් 17 දෙනාගෙන් 15 දෙනෙකුම දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් වන අතර, ඉතිරි දෙදෙනා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වේ.
ඉකුත් ජනවාරි 23 වනදා මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.








