FAST NEWS

24×7 Around the Globe

ETI තැන්පත්කරුවන්ගේ කරුණු තහවුරු කිරීම දෙසැම්බරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ අයිතීන් සුරැකීමේ ස්වාධීන සංගමය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 04 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියම කළේය. 

ඊ.ටී.අයි. සමාගමේ සහ ජීවක එදිරිසිංහ ඇතුලු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බැංකු ගිණුම් තහනම් කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබේ.

අදාළ පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, ප්‍රීතිපද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.