FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සරය හෙට කොළඹදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී හෙට (03) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. 

මේ සදහා මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික පූජකවරු , වෘත්තිය සමිති නියෝජිතයෝ ,ස්වෙච්ඡා සංවිධාන සාමාජිකයෝ හා පක්ෂ සාමාජිකයෝ සහභාගී වනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද එම සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසුවේ, පක්ෂ සම්මේලනය වෙනුවෙන් සැරසිලි කිරීමේදී පොලිතීන් භාවිතා නොකර පරිසර හිතකාමී ලෙස එම කටයුතු සිදුකරන ලෙස සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.