(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද මාලදිවයින බලා පිටත්ව ගියේය.
ඒ තුන්දින නිල සංචාරයක් සඳහාය.
අද උදෑසන 7.30 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 101 දරණ යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.
මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඞ් සාලිගේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍යවරයා මෙම නිල සංචාරයට එක විය.
මෙහිදී වීසා පහසුකම් ලබාදීම, සමාජ ආරක්ෂණය, වෘත්තිය පුහුණුව සහ තරුණ සංවර්ධනය මෙන්ම උසස් අධ්‍යාපනය යන ක්‍ෂේත්‍රයන්හි අවබෝධතා ගිවිසුම් හතරකටද අත්සන් තැබීමට නියමිතය.









