FAST NEWS

24×7 Around the Globe

තෙවන පාසල් වාරය හෙටින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   රජයේ සහ අනුමත පුද්ගලික පාසල්වල තෙවන වාරය හෙට (02) ආරම්භ වේ. 

උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගනු ලබන පාසල් 12 ක් පමණක් ලබන 16 වැනිදා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.