(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ග්‍රෑම් 2340 ක් කසළ තේ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ගම්පොල – ඇත්ගාල බස් නැවතුම්පල අසළදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(30) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.








